බන්ධනාගාරය අපරාධකරුවන් බිහිකිරීමේ මධ්‍යස්ථානයක් වෙලා – නීතිපති නීතිය දැඩි කරයි

බන්ධනාගාරය අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිට්ටනියක් වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන්නේ බන්ධනාගාර තුළ බවත් ඊට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ද හිමිවන බව නීතිපතිවරයා අවධාරණය කරයි.
අද පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නීතිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණි. රාජකාරි කටයුත්තක් සදහා බන්ධනාගාරයක සංචාරයකට එක්වූ පළමු නීතිපතිවරයා වශයෙන් තමා ආඩම්බර වන බවද නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියාසිටියේය.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නීතිපතිවරයා නිරත වුණි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියහ.
761 Views
Comments