එක දවසේ හමුදාවේ 2000-3000ක් මැරුවා - විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

එක දවසේ හමුදාවේ 2000-3000ක් මැරුවා - විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කියයි

එක දවසේ හමුදාවේ 2000-3000ක් මැරුවා - විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කියයි

තමන් කොවිඩ් 19 වසංගතයට වඩා භයානක බවට කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද පිළිතුරු ලබාදුන්නා. ඒ අම්පාර, නාවදින්වේලි ප්‍රදේශයේ දී පවතී ජනහමුවකට එක්වෙමින්.

 

" කාර්තිව් සභාපතිවරයා කියා තිබෙනවා මම කොරෝනාවට වඩා භයානකයි කියලා. ඔව් ඒක ඇත්ත. මම කොරෝනාවට වඩා භයානකයි. මම එල්ටිටිඊ සංවිධානයේ ඉද්දි අලිමංකඩ කඳවුරේ හිටපු හමුදාවේ 2000 - 3000ක් අතර පිරිසක් එක රැයින් මරා දැමුවා. ඒවගේමයි කිලිනොච්චි වලදීත්, ඊට වඩා මරා දැමුවා. වඑය කොරෝනා වෛරසයෙන් ලංකාවේ මැරුණ සංඛ්‍යාවට වඩා වැඩියි" හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් එම ජනහමුවේදී කියා සිටියා.

 

ඔහුගේ මෙම ප්‍රකාශය ඇතුලත් වීඩියෝ දර්ශණ පුද්ගලික රුපවාහිනි ආයතනයක් විසින් සිය ප්‍රවෘත්ති විකාශය අතර වාරයේදී විකාශය කරනු ලැබුවා.

 

එල්ටිටිඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස ක්‍රියා කළ කරුණා අම්මාන් යනුවෙන් ප්‍රචලිත විනයාගමුර්ති මුරලිදරන් එම සංවිධානයෙන් කැඩී වෙන්වී ගිය අතර පසුව TMVP සංවිධානයේ නායකයා ලෙස කලක් ක්‍රියා කිරීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තේරී පත්වුවා. 

 

views

792 Views

Comments

arrow-up