’’ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා’’
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

’’ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා’’

’’ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා’’

හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකල ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැරියැයි’ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා අද ( 19) පැවසීය.



ෆොන්සේකා මහතා මේ බව සදහන් කලේ මිරිගම තවලම්පිටියේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක්  අමතමිනි.ඒ මහතා මෙසේද කීය.


 
කොරෝනා නිසා නියම දිනයේ මැතිවරනය කියන්න බැරි වුන නිසා පාර්ලිමේන්තුව  කැදවන්න යුතුකමක් තිබුනා. දඩබබර ලෙස බෑ කියලා හිතුවක්කාර ලෙස මුදල් වියදම් කරනවා.ව්‍යවස්ථාව  නොසලකා කටයුතු කරනවා.


ජනතා හද ගැස්ම නොතේරෙන ගෝඨාභය නිතරම තද වෙලා දත්මිටි කකා ඉන්නවා. හැමෝටම දෙහි කපනවා. මෙහෙම කරන්නේ ජනාධිපතිවරයාට ජනතා හද ගැස්ම නොතේරෙන නිසයි.



දැන් බන්ධනාගාරය සුද්ද කරන්න හදනවා ලේකම්කම කරන  කාලේ නොකළේ ඇයි. බන්ධනාගාරය සුද්ද කරන්න එච්චරම ඕන කමක් තියෙනවනම් මගේ අයින් කරපු ඇඳුම් සූට් තුන හතරක් තියෙනවා එකත් ඇඳන් ගිහින් සුමාන තුනක් විතර හිටිය නං ගෝඨාභයට කුඩු බෙදන හැටිය බලාගන්න තිබුණා


මංගල සමරවීර පක්ෂයෙන්  ඉවත් වීම අපට  ලැබුණු ආශිර්වාදයක් බව කියන්න පුළුවනි.එයා ඇතුළු කීප දෙනෙක් ගියා කියලා අපිට කිසිම පාඩුවක් නැතැයිද ෆොන්සේකා  මහතා මෙහිදී සඳහන් කළේය 

 

views

785 Views

Comments

arrow-up