තුනෙන් දෙක තියා දැන් නම් ආණ්ඩුවට 113 ගන්නත් බැහැ - කිරිඇල්ල
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

තුනෙන් දෙක තියා දැන් නම් ආණ්ඩුවට 113 ගන්නත් බැහැ - කිරිඇල්ල

තුනෙන් දෙක තියා දැන් නම් ආණ්ඩුවට 113 ගන්නත් බැහැ - කිරිඇල්ල

වත්මන් ආණ්ඩුවට ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙක තියා 113වත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් දැන් මතුව තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය. 

 

හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. 

 

ගම්වලට ගොස් බැලූ විට ආණ්ඩුව පත්ව සිටින සැබෑ තත්ත්වය හඳුනාගත හැකි බවයි කිරිඇල්ල මහතා සඳහන් කළේ. 

 

"මැතිවරණය තියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා බලයට පත් වුණේ නොවැම්බර් මාසයේ. මේ වෙනකම් කරපු එක දෙයක් කියන්න පුළුවන් නම්. යහපාලන ආණ්ඩුවේ දින සීයයි මේ ආණ්ඩුවයි අහසට පොළව වගේ. අපි කොරෝනා ගැන ප්‍රශ්න කළාම ආණ්ඩුව පිළිතුරු දුන්නේ පරිප්පුයි සැමන් වලිනුයි."

 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ආණ්ඩුවට එකතු වීමට ආරාධනා ලැබෙන තුරු බලාසිටින බවද කිරිඇල්ල මහතා කියා සිටියේය. 

 

එහෙත් සමඟි ජන බලවේගය එවැනි තීන්දුවකට නොයන අතර ජනවරමක් ලද හොත් ආණ්ඩුවක් පිහිටුවන බවද හෙතෙම පැවසුවේ. 

views

1000 Views

Comments

arrow-up