අමුවෙන් මාළු කෑ මන්ත්‍රී පිළිගන්න උත්සවයකුත් සංවිධානය කරලා !

තංගල්ල ධීවර වරායේ ධිවරයින් විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මන්ත්‍රීවරයා පිළිගැනීමේ උත්සවයක් අද (22) සංවිධානය කර තිබුණි.
ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා අමු මාළු ආහාරයට ගැනීමේ සිද්ධියත් සමඟ මත්ස්‍ය වෙළෙඳාම මේ දිනවලදී සාර්ථකව සිදුවන බව පවසමිනි.
මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳුන් පවසා සිටියේ, “අපේ මන්ත්‍රීවරයා මේ කරපු වැඩේට, නුගත් මිනිස්සු දන්නේ නෑ. අමුවෙන් කන්න කිව්වේ නෑ කාටවත්. එතැනින් පස්සේ බලන්න මුළු ලංකාව පුරාම පාරිභෝගිකයෝ ඇවිල්ලා හොඳට වෙළෙඳාම කරන් යනවා.“
මෙහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, එදා තමා මාළු ආහාරයට ගෙන පෙන්නුවේ මාළු ආහාරයට ගැනීමට බිය නොවෙන ලෙස ජනතාවට පැවසීමට බවය.
“ධීවරයෝ වෙනුවෙන් තමයි මම එදා අමු මාළු කාලා පෙන්නුවේ. අමු මාළු කන්න කියලා නෙමෙයි පෙන්නුවේ. රටේ ජනතාවට මාළු කන්න බියවෙන්න එපා කියලා. අද මාළු මිල ඉහළ ගිහින් තියෙනවා.
753 Views
Comments