NOV
15
කොරෝනා වක්‍රය ඉහළට - තෙවැනි වැඩිම ආසාදිතයින් ගණන අද

අද (15) දිනය තුළදී ආසාදිතයින් 704ත් සමඟ කොවිඩ් 19 වක්‍රය තවත් ඉහළට යන ආකාරය වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කර තිබෙන සටහනේ දක්නට ලැබෙනවා.
අද වාර්තා වූ අගය දිනක් තුළ වාර්තා වූ ආසාදිතයින් ගණනේ තෙවන වැඩිම අගය බවටයි සටහන් වී තිබෙන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණනද 17287 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5734ක්. අද වාර්තා වූ මරණ 05 සමගින් මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාවද 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
848 Views
Comments