ඔටිසම් දරුවාට පහර දුන් සිද්ධියට අදාලව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

ඔටිසම් දරුවාට පහර දුන් සිද්ධියට අදාලව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්

ඔටිසම් දරුවාට පහර දුන් සිද්ධියට අදාලව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්

අළුත්ගම, ධර්ගා නගරයේ 14 හැවිරිදි ඔටිසම් පිරිමි ළමයෙකු වන තරික් අහමඩ්ට නම් දරුවෙකුට පොලීසිය විසින් අමානුෂික ලෙස පහර දුන් පුවතක් පසුගියදා වාර්තා විය.

 

එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අනුව රාජකාරි පැහැර හැරිමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කළුතර පොලිස් අධිකාරිවරයා විසින් නියෝග කර තිබෙනවා.

 

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකු ගේ බවයි වාර්තා වන්නේ.

 

මෙලෙස වැඩතහනමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා කළුතර පොලිස් විද්‍යාලයට අනියුක්තව රාජකාරි කරනු ලබන අතර විශේෂ රාජකාරි පදනම්ව මෙම සිදුවීම වූ මාර්ග බාධකයේ රාජකාරී කොට ඇත.

 

views

773 Views

Comments

arrow-up