තොණ්ඩමන් මැරුණාම එක නීතියක් - ගමේ බණ්ඩාට වෙන නීතියක් - අසේල සම්පත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

තොණ්ඩමන් මැරුණාම එක නීතියක් - ගමේ බණ්ඩාට වෙන නීතියක් - අසේල සම්පත්

තොණ්ඩමන් මැරුණාම එක නීතියක් - ගමේ බණ්ඩාට වෙන නීතියක් - අසේල සම්පත්

තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමංගල්‍ය කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතවම නිරෝධායන නීති උල්ලංඝනය කිරීමත් තොණ්ඩමන්ගේ මළසිරුර හරහා ආණ්ඩුව ගෙනයන දේශපාලන ව්‍යාපෘතියත් තරයේ හෙළාදකින බව සිවිල් ක්‍රියාකාරික අසේල සම්පත් මහතා පවසයි. 

 

"රටේ ප්‍රධාන පෙලේ වතුකම්කරු නායකයෙක් වන රටේ හිටපු ප්‍රධාන පෙලේ දේශපාලන චරිතයක් මේ අවස්ථාවේ මියගොස් තිබෙනවා. ඒ ආරුමුගම් තොණ්ඩමන් වතුකම්කරු නායකයා. අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අපි අදහන ආගමත් එක්ක. 

 

හැබැයි මේ ආරුමුගම් තොණ්ඩමන් ඇමතිවරයා මියයාමත් එක්ක මේ ආණ්ඩුව විසින් බල ලෝභීත්වය සහ මේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය මේ තොණ්ඩමන්ගේ මළකුණත් එක්ක යොදාගැනීම අපි තරයේ හෙළාදකිනවා. 

 

අජිත් රෝහණ මහත්තයලා, පබා පළිහවඩනලා, අනිල් ජාසිංහලා රූපවාහිනියට ඇවිල්ලා කියන්නෙ මොකද්ද ? නිරෝධායන පනත උල්ලංඝනය කරන්න එපා, පුළුවන් තරම් දුරස්ථභාවය රැකගන්න, මීටරයේ පරතරය තියාගන්න, මේ සියලුම දේවල් කියලා අද මේගොල්ලොන්ට රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා මීටරය නෙවෙයි සෙන්ටි මීටරයවත් කියාගන්න බැරි තත්වයට තොණ්ඩමන්ගේ අවමඟුලත් එක්ක මේගොල්ලොන්ගෙ කටවල් වැහිලා තියෙනවා සම්පූර්ණයෙන්ම. 

 

අපට ආපනශාලා අරින්න බෑ, මොකද දුරස්ථභාවය රැකගන්න බෑ කියලා ආපනශාලා අරින්න දෙන්නෙ නෑ. අනික් සියලුම දේවල් සක්‍රිය වෙලා තියෙනවා, හැබැයි ආපනශාලා වහලා මේ කොවිඩ් සෞඛ්‍ය නිර්දේශ හින්දා. හැබැයි තොණ්ඩමන්ගේ මරණෙට ඒ නිර්දේශ මොකුත් වලංගු නෑ. එතකොට තොණ්ඩමන් මැරුණාම එක නීතියක් - ගමේ බණ්ඩා මැරුණායින් පස්සෙ වෙන නීතියක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවා තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමංල්‍ය මොහොතේ ඔහුගේ ඥාතීන් සිප වැළඳ ගනිමින් නිරෝධායන නීති කඩමින් සිටියදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට මුඛවාඩම් පැළඳගෙන පැත්තකට වී සිටීමට සිදුව ඇති බව පෙන්වා දුන් අසේල සම්පත් මහතා තොණ්ඩමන් මහතාගේ මෘත දේහය ගමට රැගෙන යන මොහොතේ ද ජනතාවට දැකගැනීමට ලැබුණේ ඔහුගේ පුත්‍රයා සුඛෝපභෝගී ජීප් රියක නැඟී ජනතාවට ආචාර කරමින් සිදුකළ දේශපාලන ආගමනය බවත් මෙය හිඟන දේශපාලනයක් බවත් ප්‍රකාශ කළේය. 

views

682 Views

Comments

arrow-up