ටයර්, වාහන අමතර කොටස් ආනයනයට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

ටයර්, වාහන අමතර කොටස් ආනයනයට අවසර

 ටයර්, වාහන අමතර කොටස් ආනයනයට අවසර

ටයර් සහ මෝටර් රථ අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඊයේ (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒවා ගෙන්වීමට අවසර ලබා දෙන බවයි.

 

මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

 

“දේශීයත්වය පදනම් කර ගත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් අපි ජාතික අරමුණක කටයුතු කරනවා. අතිවිශාල ප්‍රමාණයක් ලංකාවේ ආනයන වෙළෙඳපොළ මත යැපුණේ. වාර්ෂිකව ඩොලර් බිලියන 22ක ආනයන සිදුකරන කොට ඩොලර් බිලියන 10ක් පමණයි අපනයන සිදුකරලා තියෙන්නේ. මෙම වෙළෙඳ ශේෂය මඟ හරවා ගැනීම ජාතික කර්තව්‍යයක් හැටියට අපි දැකලා තියෙනවා.“

 

“එහිදී මේ ආරම්භක වර්ෂයේ දී සහ කොවිඩ් අර්බුදය හමුවේ සුළු සුළු ගැටළු මතුවී ඇති බව සත්‍යයක්. අපි විශ්වාසකරනවා, අපේ අරමුණ සාධනීය එකක්. ඒක රටේ මතු අනාගතය වෙනුවෙන් යන ගමනක්. ඒ නිසා සුළු අඩුපාඩුකම් අපට මඟහරවා ගන්න පුළුවන් වෙයි.“

 

“ටයර් සහ වාහන අමතර කොටස් පිළිබඳව රජයේ අවධානය යොමුවෙලා තිබෙනවා. ඒවා ගෙන්වන්න අපි අවසර ලබා දෙනවා. හැබැයි රටේ පොදු මතය මේ රටට අවශ්‍යතාවයටත් වඩා වාහන වාහන තිබෙනවා කියන එක. යම්කිසි කාලසීමාවකට මේක සීමා කර ගැනීම හරහා ඩොලරයේ අගය ස්ථාවර කරගන්න, රුපියල ශක්තිමත් කරගන්න, පිටුබලයක් ලැබිලා තියෙනවා, පසුගිය මාස කිහිපයේ දී. රුපියලේ අගය ශක්තිමත් කර ගැනීම හරහා ඩොලරයේ අගය පහත හෙලා ගන්න පුළුවන් නම් රටේ වෙළෙඳාමට වගේම ණය බේරුම්කිරීමේ දී විශාල ශක්තියත් ලැබෙන කාරණයක්.“

 

 

views

783 Views

Comments

arrow-up