අත්‍යාවශ්‍ය සේවයට කැඳවන්නන් ළග සේවා හැඳුනුම්පත අනිවාර්යයි

ඇදිරිනීතිය පනවා තිබියදී මහජනයාගේ පහසුව වෙනුවෙන් හෙට (11) දින සිට බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රකයේ අත්‍යාවශ්‍ය රාජකාරි සදහා රජයේ , හා පෞද්ගලික කාර්යාල විවෘත කළ ද එම සේවක පිරිස අදාල ආයතවල අත්‍යාවශ්‍ය සේවා සදහා කැදවා ඇති බවට සදහන් කර ආයතනයෙන් නිකුත් කළ ලේඛණයක් හා සේවා හැදුනුම්පත ළග තබාගත යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා පවසයි.
අත්‍යාවශ්‍ය සේවය සදහා කැදවා ඇති බවට ඔප්පු කළ හැකි ලිපියක් , එස් එම් එස් පණිවිඩයක්, වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ වැනි විද්‍යුත් පණිවිඩයක් ප‍්‍රමාණවත් බවද අජිත් රෝහණ මහතා පවසයි.
අද දිනයේ රාජකාරි සදහා පැමිණෙන රජයේ සේවක සේවිකාවන් පෙරවරු 8.30 පෙර සිය කාර්යාල වලට වාර්තා කර පස්වරු ඉතා පහසු බවත්, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් පෙරවරු 8.30-10.30 අතර කාලය තුළ පැමිණිය යුතු බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
රාජ්‍ය සේවකයින් තම කාර්යාල වෙත උදෑසන 8.30 ට පෙර වාර්තා කර රාජකාරි නිමවා සවස 3-4 ත් යන කාල සීමාවේදී නිවෙස් බලා යාම උචිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියි.
741 Views
Comments