2021 ජනවාරි සිට මෙරට තහනම් වන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන

එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් 2021 ජනවාරි මස 01 දින සිට තහනම් කිරීමටත් , ඒ වෙනුවට විකල්පයන් හඳුන්වා දීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
ඒ අනුව POLY ETHYLENE Terephthalate (PET) හා POLY Chloride (PVC) ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් කර විකල්පයක් ලෙස වීදුරු හෝ වෙනත් අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත ඇසුරුම් භාවිත කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
මිලි ලීටර් 20/ග්‍රෑම් 20ට අඩු පොලිතින් හා ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත සශේ ඇසුරුම් තහනම් කිරීම (ආහාර සහ ඖෂධ සඳහා භාවිත කිරීම් හැර) සහ විකල්පයක් ලෙස මිලි ලීටර් 100/ ග්‍රෑම් 100 හෝ ඊට වැඩි ඇසුරුම් භාවිත කිරීම
ප්ලාස්ටික් වලින් සාදන ලද විවිධ හුළං පුරවන ලද සෙල්ලම් බඩු තහනම් කිරීම හා ඒ සඳහා විඅල්පයක් ලෙස පරිසර හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත දෑ භාවිත කිරීම
ප්ලාස්ටික් කොට්න් බඩ් තහනම් කිරීම හා විකල්ප ලෙස දිරාපත් වන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත කොට්න් බද භාවිත කිරීම
854 Views
Comments