ශ්‍රී ලන්කන් ගුවන් සේවයකයෙක්ට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

ශ්‍රී ලන්කන් ගුවන් සේවයකයෙක්ට කොරෝනා

ශ්‍රී ලන්කන් ගුවන් සේවයකයෙක්ට කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු හට අද පෙරවරුවේ සිදුකළ PCR පරීක්ෂණයක් මගින් ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව එහි මාධ්‍ය අංශ ප්‍රධානි දීපාල් වී. පෙරේරා තහවුරු කර සිටිනවා.

මෙම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට බාහිර අයෙකුගෙන් මෙම වෛරසය වැළදී ඇති බව විශ්වාස කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කර සිටියි.

වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එහි ප්‍රථිපල බලාපොරොත්තුවෙන් සිටින බවයි ගුවන් සේවය සඳහන් කළේ.

 


ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සිය ශ්‍රම බලකාය ආරක්ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති අතර සෞඛ්‍යයට හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරණ බව එම සමාගම නිවේදනය කර සිටියි.

views

817 Views

Comments

arrow-up