මොණරාගල ගිය සේවිකාවට කොරෝනා : කුරුණෑගල රෝහලෙන් රෝගීන් දෙදෙනෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

මොණරාගල ගිය සේවිකාවට කොරෝනා : කුරුණෑගල රෝහලෙන් රෝගීන් දෙදෙනෙක්

මොණරාගල ගිය සේවිකාවට කොරෝනා : කුරුණෑගල රෝහලෙන් රෝගීන් දෙදෙනෙක්

මොණරාගල ප්‍රදේශයට පැමිණ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

 

මොණරාගල දී කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාව මෑත දිනෙක නිවාඩු ලබා පැමිණි එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිවී ඇති බවයි සෞඛ්‍ය බළධාරීන් සඳහන් කළේ.

 

මේ අතර මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුට කුරුණෑගල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කර සිටියා. එම ආසාදිත පුද්ගලයින් දෙදෙනා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි වැඩිදුරටත් රෝහල් බලධාරීන් සඳහන් කර සිටියේ.

 

 

views

897 Views

Comments

arrow-up