කොරෝනා කත නිසා හබරාදුව හෝ කන්දකාඩුවට වඩා භයානක තත්වයක් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

කොරෝනා කත නිසා හබරාදුව හෝ කන්දකාඩුවට වඩා භයානක තත්වයක් (VIDEO)

කොරෝනා කත නිසා හබරාදුව හෝ කන්දකාඩුවට වඩා භයානක තත්වයක් (VIDEO)

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවකින් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාව නිසා ඇතිවී ඇති තත්වය ගාල්ල හබරාදුවේ හෝ කන්දකාඩු මාධ්‍යස්ථානය තුල ඇතිවූ තත්වයටත් වඩා භයානක තත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ අදහස් පළ කර සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

එහිදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දෙන්නේ මින් පෙර පැවති තත්වයන් වලදී කොරෝනා රෝගය ආසාදනය වූ ආකාරය පිළිබඳව තොරතුරු හෙළිවූ නමුත් මෙම කාන්තාවගේ රෝග මූලාශ්‍රය පිළිබඳව තොරතුරු සොයාගැනීමට හැකිවී නොමැති බවයි.

 

මේ කාන්තාවට කොරෝනා බෝවන්නට ඇත්තේ සමාජයෙන් බවත් ඒ අනුව සමාජයේ කොරෝනා නැතැයි යන මතය ඉවත දැමීමට සිදුවන බවත් ඒ මහතා පවසා සිටිනවා.

 

https://www.facebook.com/watch/?v=642080149836133&t=0

views

2328 Views

Comments

arrow-up