එක් විශ්වවිද්‍යාලයකට බඳවා ගන්නා සිසුන් ගණන 8000 ක් දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

එක් විශ්වවිද්‍යාලයකට බඳවා ගන්නා සිසුන් ගණන 8000 ක් දක්වා ඉහළට

එක් විශ්වවිද්‍යාලයකට බඳවා ගන්නා සිසුන් ගණන 8000 ක් දක්වා ඉහළට

විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 8,000 කින් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

ඒ, පසුගියදා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමග සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මතයි.

 

ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා මෙවර බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව 38,000 කට අධික බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

 

ඇය පැවසුවේ 2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු නුදුරේදීම නිකුත් කරන බවය.

 

වෛද්‍ය පීඨ සඳහා පමණක් වැඩිපුර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 369 ක් බව ද මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පැවසුවාය.

 

views

887 Views

Comments

arrow-up