කුවේට් රජා බල්ලෙක් කී ලාංකික කාන්තාව අත්අඩංගුවට ගනී..රාජදෝහි චෝදනා එල්ල වේ – අදාළ වීඩියෝව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

කුවේට් රජා බල්ලෙක් කී ලාංකික කාන්තාව අත්අඩංගුවට ගනී..රාජදෝහි චෝදනා එල්ල වේ – අදාළ වීඩියෝව මෙන්න

කුවේට් රජා බල්ලෙක් කී ලාංකික කාන්තාව අත්අඩංගුවට ගනී..රාජදෝහි චෝදනා එල්ල වේ – අදාළ වීඩියෝව මෙන්න

කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා පළ වනවා.

 

එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

 

එකී කාන්තාව සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ කුවෙට් පාලකයා විසිනි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගැන කිසිම තැකීමක් නොකර කොරෝනා බෝවන්න ඉඩදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරව ශ්‍රී ලංකාවට එවන බවයි.

 

‘කුවේට් රජා බල්ලෙක්. මනුස්සයෙක් නොවෙයි. මනුස්සයෙක් නං කොරෝනා ඉවර වෙනකං ඉන්න තැනක් දෙන්න තිබුනා’ යයි ඇය වීඩියෝවේ සදහන් කරයි.

 

රාජ්‍ය දෙ‍්‍රා්හී චෝදනා යටතේ ඇයට අවම වශයෙන් වසර 05ක සිර දඬුවම් හිමිවීමට එරට නීතිය අනුව ඉඩ තිබෙනවා.

 

එම කාන්තාව කුවේට් රජා බල්ලෙක් කී වීඩියෝව පහතින් දැක්වෙනවා.

 

 

කුවෙට් අවුරැදු 8 ගෘහ රියදුරෙකු වශයෙන් සේවය කල ඇති මා මේ විඩියෝ එක මුදාහැර වෙලාවේම දැනගත්තා මේ සහෝදරියට යම් ගැටලුවකට මූන දෙන්න සිදුවන බව මේ කතාව මීට වඩා සාධාරණ විදිහට එතුමියට ප්‍රකාශ කරන්න තිබුනා ..නමුත් සහෝදරිය තෝරාගත් පැත්ත වැරදියි..නිසැකවම ඔබට අවුරැදු 5 ත් 8 ක් අතර කාලයක් සිරගත වීමට සිදුවෙනවා එය නිසැකයි.ඔබ වෙනුවෙන් කිසිම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් සිදුවිමට තිබෙන අවස්තාවද ඉතා විරලයි.හරිම කණගාටුයි සහෝදරි ඊයේ ඔබට එළ නංගි නියමයි කියපු අය අද කෝ ?..

Posted by Sana Maho on Thursday, May 28, 2020

 

views

1528 Views

Comments

arrow-up