පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් අකිලගෙන් පෙත්සමක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් හිටපු මන්ත්‍රීවරයා විසින් පෙත්සම ගොනු කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වෙයි.
එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය තීරණය කර ඇතැයිද පෙත්සමේ සඳහන්ය.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක කාලයක් ඉක්ම යාමට මත්තෙන් මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවැනි දා පාර්ලිමේන්තුව විසුර හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත වන බවද පෙත්සම්කරු පෙන්වා දෙයි.
මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් මාර්තු මස දෙවනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
– අද දෙරණ
730 Views
Comments