කොරෝනා රෝග ලක්ෂණ සහිත කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කරයි - තවත් අයෙකුවත් සොයයි

කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ අලව්ව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් ඊයේ (21) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එම කාන්තාව (20) පස්වරුවේ තවත් පුද්ගලයෙකු සමඟ හෝමාගම ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ ඇති බවත් ඔහු අද පෙරවරුවේ ලැගුම්හලෙන් පිටවගොස් ඇති අතර එහි තිබී ඔහුගේ බවට පැවසෙන බෑගයකින් ආරක්ෂක අංශ භාවිතා කරන නිල ඇඳුමක්ද සොයා ගෙන ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් වාර්තා වේ.
අලව්වේ සිට කොට්ටාවට පැමිණි ඇය එහි සිට ත්‍රී රෝද රථයකින් ලැගුම්හල වෙත ගොස් ඇති බවත් ඇය සමඟ ලැගුම්හලට පැමිණි පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකුද යන්න සැකයක් පවතින බවත් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
එම ලැගුම්හල නීති විරෝධීව විවෘත කර ඇති බවත් එහි සේවය කළ තරුණයෙකු එම ස්ථානයේම නිරෝධායනය කිරීමට ද පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
1895 Views
Comments