ගෑස් මිල වැඩි වෙනවද? ඇත්ත නැත්ත ....
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

ගෑස් මිල වැඩි වෙනවද? ඇත්ත නැත්ත ....

ගෑස් මිල වැඩි වෙනවද?  ඇත්ත නැත්ත ....

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි. 

 

සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් පාර්ශව විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට විවිධ ප්‍රචාර සිදුකරමින් සිටින බව එම අධිකාරිය සදහන් කළේය. 

 

කෙසේ වෙතත් එලෙස මිල ඉහළ නැංවිමක් සිදු නොකෙරෙන අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බව ද සදහන් කරයි.  

 

මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක්ද සිදුකර නොමැති බව පාරිභොගික සේවා අධිකාරිය සදහන් කරයි. 

 

මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටෙන් 92 පෙට්‍රල්මිල ඉහළ දැමිම සමබන්ධයෙන් විවිධ පාර්ශව විසින් රජයට සිදුකරන චෝදනා පදනම් විරහිත බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

අමාත්‍යවරයා පවසන්නේ 2003 වසරේ දි අයි.ඕ. සි සමාගම සහඑවකට පැවති රජය ඉන්ධන මිල සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇති බවයි.

 

ඒ අනුව අයි.ඕ.සි ඉන්ධන මිල ඉහළ දැමීමට විෂය භාර අමාත්‍යංශයෙන් විමසීමක් සිදුකිරිම අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා සදහන් කර ඇත. 

 

එහෙත් ඔවුන් මිල ඉහළ නැංවීමක් සදහා මුදල් අමාත්‍යංශයෙන් අනුමැතියක් ලබාගත යුතුව පවතින අතර දැනට පවතින තොරතුරු අනුව ඔවුන් විසින් මුදල් අමාත්‍යංශයට ලිපියක් යොමුකර ඇති බව අමාත්‍යවරයා පවසයි. 

 

මෙම තත්ත්වය හමුවේ අයි.ඕ.සි සමාගම විසින් සිදුකළ ඉන්ධන මිලඉහළ නැංවීම පිලිබද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ කිසිදු මැදිහත් වීමක් සිදුවනොමැති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

views

691 Views

Comments

arrow-up