වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් රතුඑළියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් රතුඑළියක්

වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් රතුඑළියක්

 

රජය නිවැරදි ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලූම රාජ්‍ය ආයතන එම ප‍්‍රතිපත්ති අනුව වැඩ කළ යුතු බවත්, නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරක් වන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි හා කර්මාන්ත අංශයට අයත් ආයතන ප‍්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

 

රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප‍්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

 

රජයේ  දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප‍්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

 

වැවිලි හා කර්මාන්ත ක්ෂේත‍්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

 

රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

 

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතු බවත් ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. 

views

1090 Views

Comments

arrow-up