ඉදිරි සති දෙක තීරණාත්මකයි.. හරියට හිටියොත් රට ගොඩ – ශවේන්ද්‍ර සිල්වා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

ඉදිරි සති දෙක තීරණාත්මකයි.. හරියට හිටියොත් රට ගොඩ – ශවේන්ද්‍ර සිල්වා

ඉදිරි සති දෙක තීරණාත්මකයි.. හරියට හිටියොත් රට ගොඩ – ශවේන්ද්‍ර සිල්වා

කොවිඞ් 19’ වසංගත තත්ත්වය හමුවේ ඉදිරි සති දෙක ශී‍්‍ර ලංකාවට ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා සෞඛ්‍ය උපදෙස් අනුව යමින් කටයුතු කළහොත් මෙරටින් මෙම වසංගතය සඳහටම තුරන් කළ හැකි බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 


උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (14දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 


මේ දක්වා ජනතාව වෙනුවෙන් පනවා තිබු සීමා ක‍්‍රම ක‍්‍රමයෙන් ලිහිල් කරමින් තිබෙන අවස්ථාවක මහජනයා දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඔවුන් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් කි‍‍්‍රයාත්මක නොකළහොත් මෙතෙක් කාලයක් මහත් කැපවීමෙන් රටට ලබාදුන් ජයග‍‍්‍රහණ ගිලිහී යෑමට හැකි බවත් හමුදාපතිවරයා අවධාරණය කළේය.

 


එමෙන්ම දැනට ආසාදිතයන් වාර්තා වන්නේ විවෘත සමාජයෙන් නොව නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ගෙන් පමණක් බවත් සඳහන් කළ ඒ මහතා ජනාධිපතිතුමා ප‍‍්‍රමුඛ රජය සහ සෞඛ්‍ය අංශ ඇතුළු සියලූ දෙනා ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළේ අදාළ තත්ත්වය පාලනයක් යටතේම පවත්වා ගැනීමට බව ද සඳහන් කළේය.

 


‘කොවිඞ් 19’ වසංගත තත්ත්වය හමුවේ සාර්ථක ගමනක යෙදෙන ශී‍්‍ර ලංකාවට ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බැවින් සමස්ත ජනතාව ඒ පිළිබඳව ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

views

1060 Views

Comments

arrow-up