මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

ආරක්ෂක අංශ අණ නොතකා ඊයේ (14) රාත්‍රියේ ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.
යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි මාර්ග බාධකයේදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
පොලිසිය පැවසූවේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වු අවස්ථාවේ මාර්ග බාධකයේදී යුධ හමුදා හා පොලිස් නිළධාරීන්ගේ අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකු වෙත එලෙස වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලත් 23 හැවිරිදි පුද්ගලයා යාපනය පේදුරුතුඩුව, මන්දිකෙයි රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසුවා.
තුවාල ලත් තැනැත්තා තුවාල ලැබීමෙන් පසුව, සිය නිවස වෙත ගමන් කිරීමෙන් අනතුරුව මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වු අවස්ථාවේ වෙඩි තැබීමට පැයකට පමණ පෙර මාර්ග බාධකයේ ආරක්ෂක අංශ වෙත කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට ද අනාවරණය වන බවයි.
එම සිදුවීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
928 Views
Comments