සිංගප්පූරුවේ හොඳම විදේශීය ගෘහ සේවිකාව අපේ අම්මා කෙනෙක් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

සිංගප්පූරුවේ හොඳම විදේශීය ගෘහ සේවිකාව අපේ අම්මා කෙනෙක් !

සිංගප්පූරුවේ හොඳම විදේශීය ගෘහ සේවිකාව අපේ අම්මා කෙනෙක් !

සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගෙන තිබෙනවා. 

 

පසුගිය දා (05) හොලිඩේ ඉන් සිංගප්පුර් ආට්රියම් හී පැවැති චීන අලුත් අවුරුදු දිවා භෝජන සංග්‍රහයකදී ඇය මේ සම්මානය දිනා ගත් අතර එරට රැකියා නියෝජිතයින්ගේ සංගමය විසින් ඇයට හිමි සම්මානය හා සිංගප්පූරු ඩොලර් 2000ක් (ආසන්න වශයෙන් රු.260000.00) ත්‍යාගය වශයෙන් ලබා දුන්නා.

 

වසරේ ගෘහ සේවිකාව තෝරා ගනු ලබන්නේ පවුලට ඔවුුන් ලබා දෙන අසාමාන්‍ය දායකත්වය, රැකියාවේ සංකීර්ණතාවය සහ විදේශීය ගෘහ සේවිකාවන් ඔහුගේ හෝ ඇයගේ ස්ව්‍යං අභිවෘද්ධිය සඳහා ඇති කැපවීම මත පදනම් කරගෙනයි.

 

ජැසින්තා මහත්මිය පළමු වරට සිංගප්පූරුවට පැමිණ ඇත්තේ 1990දී වන අතර ඒ ලැම් යොං සාං මහතාගේ පවුල වෙතය. ඇය නැවත 2007 දීත් එම පවුල වෙනුවෙන්ම රැකියාව කර ඇති අතර 2008දී ලැම් මහත්මියගේ ජීවිතය බේරාගැනීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

 

ජසින්තා මහත්මිය කුළියාපිටියේ පදිංචිකාරියකි.

views

713 Views

Comments

arrow-up