මාරාන්තික වෛරසයට මුල " නාගයින්" බව හෙළිවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
24

මාරාන්තික වෛරසයට මුල " නාගයින්" බව හෙළිවේ

මාරාන්තික වෛරසයට මුල " නාගයින්" බව හෙළිවේ

චීනයේ පැතිරෙමින් යන මාරාන්තික නව කොරෝනා වෛරසයේ මුල් ප්‍රභවය නාගයින් ගෙන් හටගෙන ඇති බවට විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. චීනයේ ක්‍රයිට් සහ චීන නාගන් යන විශේෂයන් ගෙන් මෙම වෛරස් රෝග කාරකය හටගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.
චීන ක්‍රයිට් ලෙසද හැඳින්වෙන මෙම නාග විශේෂය දරුණු විෂ සහිත සර්ප විශේෂයක් බවයි විද්‍යාඥයින් හඳුන්වන්නේ. 

 


මෙම වෛරස් රෝගයට ගොදුරුවූ රෝගීන්ගෙන් ලබාගත් රුධිර සාම්පල් හරහා චීනයේ විද්‍යාඥයින් විසින් සිදුකරනු ලැබූ විමර්ශනයකදී නව කොරෝනා වෛරසය මිට වසර 17 කට පෙර සොයා ගනු ලැබූ සාර්ස් සහ මර්ස් නම් වෛරස් ප්‍රභවයන් සමග සාමානාත්ම තාවයක් දක්වන බවට හෙළිවී තිබෙනවා.

 


කොරෝනා වයිරසය වාතය හරහා සම්ප්‍රේෂණය වන අතර මූලික වශයෙන් ක්ෂීරපායීන් හා පක්ෂීන්ගේ ඉහළ ශ්වසන හා ආමාශ ආන්ත්‍රයට ආසාදනයට ලක් කරන බවට විද්‍යාඥයින් සොයා ගෙන ඇත. මෙම වෛරසයට ගොදුරුවූ පළමු රෝගියා වාර්තාවී ඇත්තේ චීනයේ උහාන් ප්‍රාන්තයේ මාළු සහ මස් අලෙවි කරන වෙළදපොළකින් වීමද විශේෂත්වයක්.
චීන ජාතිකයින් බහුල වශයෙන් සර්පයින් සිය ආහාරයට එක් කර ගැනීමට රුචිකත්වයක් දක්වනු ලබනවා.

 


මේ අතර පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් ජනවාරි 25 වෙනිදාට යෙදී ඇති චීනයේ නව අවුරුදු උදාව සැමරීම සඳහා එරට අගනුවර වන බීජිංහි සංවිධානය කර තිබු සියලු ප්‍රධාන පෙලේ උත්සවයන් අවලංගු කිරීමට බලධාරීන් විසින් නියෝග කරනු ලැබුවා.

 


පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර වශයෙන් කිසිදු ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයා ගැනීමට මේ දක්වා සෞඛ්‍ය විශේෂඥයින්ට හැකියාව ලැබී නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටියේ.

 

views

798 Views

Comments

arrow-up