ඇවන්ට්ගාර්ඩ් සේනාධිපතිට ඇප . නඩුවෙන් 05 දෙනෙක් නිදහස්

ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය මත බන්ධනාගාර ගතව සිටි එහි සභාපති නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැර තිබෙනවා.
ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර සිටියේ ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වු ශරිර ඇප දෙකක් මත ඇප නියම කළ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරිමටයි නියෝග කර සිටියේ.
ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් චෝදනා 7573ක් යටතේ නඩු පවරනු ලැබුවා.
අද දින නඩුව කැදවු අවස්ථාවේදි ත්‍රිපුද්ගල මහාධිකරණය සදහන් කලේ නිතිපතිවරයා ගොනු කරන ලද චෝදනා 7573 න් නඩුව පවත්වා ගෙන යා හැක්කේ චෝදනා 19ක් යටතේ පමණක් බවයි.
එමෙන්ම මෙම නඩුවට අදාලව චෝදනා ලක්ව සිටින විත්තිකරුවන් 13 දෙනා ගෙන් විත්තිකරුවන් පස් දෙනෙකු මුදා හැරිමට ත්‍රිපුද්ගල අධිකරණය නියෝග කරනු ලැබුවා.
ඒ අනුව ඇවන්ට්ගාර්ඩ් සමාගම, රක්නා ලංකා සමාගම, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බි.ඒ. එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයසුරිය මෙම නඩුවෙන් නිදහස් කිරිමටයි නියෝග කරනු ලැබුවේ.
මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල (සභාපති), මංජුල තිලකරත්න සහ ආදිත්‍ය පටබැදි හමුවේ කැදවනු ලැබුවා.
768 Views
Comments