භික්ෂුන්ට නාමයෝජනා නොදෙන්න ජනපති පොරොන්දු වුණා - මිහින්තලේ විහාරාධිපති හිමි

ඉදිරි මහමැතිවරණයේදී තම පක්ෂයෙන් භික්ෂුන් වහන්සේලාට නාමයෝජනා ලබා නොදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනාහිමිවරුන් වෙත පොරොන්දුවක් ලබාදුන් බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.
"භික්ෂුන් වහන්සේලාට කිසිසේත්ම ජාතික ලැයිස්තුවෙන් හෝ නාමයෝජනා කිසිම පක්ෂයකින් ලබා නොදෙන්නය කියලා අපි පූර්ව දැනුම්දීමක් කළා අතිගරු ජනාධිපතිතුමාට.
ඒක කණ වැටිච්චි ගමන් අතිගරු ජනාධිපතිතුමා විශෙෂයෙන් අපේ මහානායක ස්වාමින් වහන්සෙලාට - අපේ සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, නැත්නම් අස්ගිරි මල්වතු - ත්‍රෛනිකායික අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සෙලාට දැනුම් දීලා තියෙනවා අපේ පක්ෂයෙන් කිසිම නාමයෝජනාවක් ඒවගේම ජාතික ලැයිස්තුවෙන් හෝ නොදෙන බවට ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඒ අපට ඇති.
ඒවගේම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, අනෙකුත් පක්ෂවලිනුත් සමහර වෙලාවට අපි හිතනවා නොදෙයි කියලා. ඒ අයගෙන් අපි ඉල්ලීමක් කරනවා එහෙම දෙන්න එපා කියලා. ඒවගෙම ස්වාධීනව ඉල්ලයි, එහෙම ස්වාධීනව ඉල්ලුවොත් එක ඡන්දයක් නොදී ප්‍රතික්ෂේප කරන්න. අපේ අතේනෙ මේ කතිරය තියෙන්නෙ.
පහුගිය කාලෙ උන්වහන්සෙලා පාර්ලිමේන්තුවට ඡන්දෙ දිනලා ගියා. මොනවද කළේ ? අපේ රටේ බුදුදහම වෙනුවෙන් මොන අණ පනතද සම්මත කෙරුවේ ? කිසිම එකක් නෑ. උන්වහන්සෙලා අර රුපියල් 20ට තියෙන දානෙ ටික වැළඳුවා, ඊට පස්සෙ රතු පාස්පෝට් එක ගත්තා ..." යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
899 Views
Comments