‘මැතිවරණ රාජකාරිවල නිරත වූවන්ට කොමිසම කෝටි 2ක් ණයයි’

ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතුවල නිරත පිරිස වෙනුවෙන් මැතිවරණ කොමිසම රුපියල් කෝටි 2ක පමණ ණය බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(26) පැවසීය.
රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයට, මැතිවරණ රාජකාරී කළ ගුරුවරුන්ට සහ මැතිවරණ කාර්යාලවල නිලධාරීන්ට තවමත් ගෙවිය යුතු දීමනා ගෙවා නැතැයිද එහිදී දේශප්‍රිය මහතා පැවසීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා මෙසේද කීය.
“අපි ගිය අවුරුද්දේ රුපියල් මිලියන 3210ක් ඉල්ලුවා. ඒත් අතුරු සම්මත ගිණුමෙන් අපට ලැබුණේ රුපියල් මිලියන 1004ක් පමණයි. මේ වසරේ අතුරු සම්මත ගිණුමෙන් මුදල් ලබාගන්නත් බැරිවෙලා තියෙනවා. ඒ අනුව අපට ණය ගෙවාගන්න අමාරුයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ස්වදේශ කටයුතු අමාත්‍යංශය මැතිවරණ රාජකාරී කළ නිලධාරීන්ට ඒ අමාත්‍යංශවල මුදලින් ගෙවලා. ඒ අයත් අමාරුවේ වැටිලා.
කොහොමවුණත් පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. ඒ අනුව මුදල් ලැබෙන ඇතැයි අපේක්ෂා කරනවා. ජනාධිපතිවරණයේ වියදම් හැකිතාක් සීමා කළ නිසා රුපියල් කෝටි 550ක පමණ වියදමක් සිදුව ඇතැයි උපකල්පනය කළ හැකියි ” යැයිද පැවසීය.
793 Views
Comments