ජනපතිගේ ප්‍රතිචාරයෙන් අන්තරය අන්දමන්ද වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
10

ජනපතිගේ ප්‍රතිචාරයෙන් අන්තරය අන්දමන්ද වෙයි

ජනපතිගේ ප්‍රතිචාරයෙන් අන්තරය අන්දමන්ද වෙයි

ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (09) කොළඹදී පාගමනක් පැවැත්වීය. සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ අන්තරේ පා ගමනින් ජනාධිපති කාර්යාලය දක්වා පැමිණියේය.

 


කලකට පසු අන්තරය නැවත සිය ඉල්ලීම් දිනා ගැනීමේ ශිෂ්‍ය සටන් ආරම්භ කළ අතර වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ ඔවුන්ගේ පළමු අරගලයයි.

 


කෙසේ වෙතත් අලුත් ආණ්ඩුව සමග ආරම්භ කළ පළමු අරගලයම මලානික තත්වයට පත්වූයේ ජනාධිපති කාර්යාලයේ බලධාරීන් විසින් විශ්වවිද්‍යාල සිසුන් සුහද අන්දමින් පිළිගැනීම හේතුවෙනි.

 


වෙනදා අන්තරේ සිසුන්ගේ ගමන අතරමැද නවතාලන බැරියර් අද නැත. බැටන් ප්‍රහාරද නැත. ඇස් රතු කරවන කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාරද නැත. සිසුන්ගේ ගමනට බාධා පමුණුවන්නට කුළු පොළු අමෝරාගෙන සිටින පොලිස් හෝ හමුදා බලඇණි ද නැත.

 


ඒ කිසිවක් භාවිතා නොකර අන්තරේ සිසුන් අන්ද මන්ද කරවීමට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය.

 

views

808 Views

Comments

arrow-up