පුද්ගලික බස් මාෆියාව එරෙහිව ජනතාවට සහන දෙන්න රජයෙන් බස් රථ 2000 ක්

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා මගී බස් රථ දෙදහසක් ආනයනය කිරීමට පියවර ගෙනඇති බව මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍යාංශය පවසයි.
පහත් පතුල් සහිත බස් රථ ආනයනය කිරීම සඳහා මෙලෙස පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1750 ක මුදලක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශය සදහන් කළා.
චීනය,මැලේසියාව, ජපානය ඇතුළු රටවල මගී ප්‍රවාහනය පහසු කිරීම සඳහා පහත් පතුල් සහිත බස්රථ භාවිත කෙරෙන බව සඳහන්. මෙරට දැනට භාවිත කරන බස්රථවල මගී පහසුව හෝ ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් අවධානය යොමු නොකෙරන අතර මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවේදී මගීන් දුෂ්කරතාවන්ට පත් වේ.
මීට පිළියමක් ලෙස මගී පහසුව සැලසීමේ අරමුණින් අදාල බස්රථ ආනයනය කිරීමට කටයුතු යොදා ඇති අතර එම බස්රථ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළා.
මේවන විටත් කොළඹ, මහරගම ඇතුළු නාගරික ප්‍රදේශ කිහිපයක මෙවැනි බස්රථ ධාවනයට යොදවා ඇති බව සඳහන්.
4236 Views
Comments