ත්‍රස්තවාදීන් හුරතල් කරන ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරීමට රජය තීරණය කරයි

1978 අංක 48 දරණ මෙම පනත තුළින් ,ත්‍රස්තවාදය වළක්වා සෑම පුද්ගලයකුටම බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකිරටක් බවට මේ රට පත්කෙ රෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය,සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසවා.
ප්‍රතිත්‍රස්ත පනත සම්පූර්ණයෙන් අහෝසි කිරීම සඳහා වන යෝජනාව විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කළ බවද ඇමැතිවරයා කියයි.
ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළා.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ,මාධ්‍ය නිදහස, වෘත්තිය සමිතිවල නිදහස , ශිෂ්‍ය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරයේ නිදහස හා දේශපාලන නිදහස යන සියල්ල අහුරා දමමින් ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම වෙනුවට ත්‍රස්තවාදය හුරතල් කිරීමට ,එමෙම පනතට විවේචන එල්ල වු බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස 78 ව්‍යවස්ථාවේ ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඒ ආකාරයෙන්ම තිබෙන අතර මින් ඉදිරියට ප්‍රතිත්‍රස්ත පනත ලෙස ත්‍රස්තවාදීන් හුරතල් කිරීමට ඇති පනත සම්පූර්ණයෙන් හකුලා දමා ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා.
දේශීය අවශ්‍යතාවයන්ට නොව මෙය අන්තර්ජාතික බලවේගවලට අවශ්‍ය පරිදි සැකසුණු පනතක් බවකී ඇමැතිවරයා පෙන්වා දුන්නේයහපාලන රජයේ ජනාධිපතිවරයා මෙන්ම අධිකරණ ඇමැතිවරයා පවා එය ඉදිරිපත් කිරීමට අකමැති වූ බවයි.
එය එවකට එම රජයේ සිටි විදේශ කටයුතු ඇමැති වරයා ලබා කියැවූ ඒ පනත රට තුළ නිරෝගී ප්‍රජතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
වත්මන් අග්‍රාමාත්‍යවරයා එදා මේ පනතට එරෙහිව දිගින් දිගටම විවේචන එල්ල කළ බවත් මෙහි හානි දායක බව රටට පෙන්වා දුන් බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.
1940 Views
Comments