මහ මැතිවරණය තෙක් ඇමතිවරුන් 15 දෙනෙක්ගෙන් යුත් භාරකාර ආණ්ඩුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

මහ මැතිවරණය තෙක් ඇමතිවරුන් 15 දෙනෙක්ගෙන් යුත් භාරකාර ආණ්ඩුවක්

මහ මැතිවරණය තෙක් ඇමතිවරුන් 15 දෙනෙක්ගෙන් යුත් භාරකාර ආණ්ඩුවක්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සුදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරමින් පත් කිරීමට නියමිතව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ. දිනේෂ් ගුණවර්ධන මහතාගේ නමද භාරකාර ආණ්ඩුවේ අගමැති ධුරය සදහා යෝජිත බවත් විවිධ පාර්ශව සදහන් කරනවා.

 

කෙසේ වෙතත් මෙම භාරකාර ආණ්ඩුවේ ඇමතිවරුන් 15 දෙනෙකු පමණක් ඇතුලත් කිරීමට නියමිතයි. මීලග මහ මැතිවරණය තෙක් එම භාරකාර ආණ්ඩුව විසින් රට පාලනය කිරීමට නියමිතව තිබෙනවා.

 

අනුරාධපුර රුවන්මැලි මහා සෑය ඉදිරියේදී දිවුරුම් දුන් අවස්ථාවේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා සදහන් කරන ලද්දේ තමන් ඉක්මනින්ම නව රජයක් පිහිටුවන බවයි.

 

views

655 Views

Comments

arrow-up