උපවාස කරන සිරකරුවන් සමඟ සාකච්ඡාවක් නෑ

ජනාධිපති සමාව ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට අනුව බැවින් වහල මත නැගී උපවාස කරන සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නොමැති බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මරණ දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත නමැති සිරකරුට ජනාධිපති සමාව ලබාදුන් ආකාරයට තමන්ටද සමාව දෙන ලෙස ඉල්ලා පෙරේදා (11දා) වැලිකඩ බන්ධානාගාරයේ වහල මත නැග සිරකරුවෝ දෙදෙනෙකෝ උපවාසයක් ආරම්භ කළා.
එම උපවාසය ඊයේ (12දා) දිනයේදිත් ක්‍රියාත්මක වූ අතර, ඔවුහු විරෝධතා බැනර් දෙකක් ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවේ නිරතව සිටියා.
මේ හේතුවෙන් බන්ධානාගාරය අවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද රඳවා සිටින අතර, බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලක අංශයේ කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළා.
බන්ධානාගාරය තුළ ආරක්‍ෂාව තර කර තිබෙන බවත්, බන්ධනාගාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ මහතා පවසනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරී තිබෙන බලතලවලට අනුව සිරකරුවෙකුට සමාව ලබාදී තිබෙන බවත්, එම නිසා විරෝධතාවේ නිරත සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය. මේ අතර අඟුණකොළපැලැස්ස හා බූස්ස සිරකඳවුරු වල ද ඊයේ හා පෙරෙයිදා දිනවල දී ඇති වූ නොසන්සුන් තත්ත්වයන් මේ වන විට පාලනය කර ඇතැයි බන්ධානාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
633 Views
Comments