MT New Diamond නෞකාවේ ඇති ඉන්ධන වර්ගවල සාම්පල ලබාගනී - කපිතාන්ගේ ප්‍රකාශ අධිකරණයට

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond“නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද(14) සිදුකිරීමට නියමිත ව තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය වෙත යොමුකර ඇති බවයි.
ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට සංගමන්කන්දට නැගෙනහිරින් මුහුදු සැතපුම් 52කට ආසන්න මුහුදේ ස්ථානගත කර තිබේ.කිමිඳුම්කරුවන් යොදාගනිමින් නෞකාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.
ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් ප්‍රකාශ පිලිබඳ වාර්තාවක් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ , ඉදිරි ක්‍රියාමාර්ග සදහා නියෝගයක් ලබා ගැනීමටයි.
මේ අතර නෞකාවේ පතුල සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ කිමිදුම්කරුවන්, නාවික හමුදා කිමිදුම්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළා. ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම පුහුණු අභ්‍යාසයක් ලෙස සලකා සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ.
නාවික හමුදා කිමිදුම්කරුවන් පෙරේදා නෞකාවේ පිටුපස පතුලේ දැවිතෙල් කාන්දු වූ විවර දෙකක් වසා දැමීමට සමත් වුණා. නෞකාව මේ වනවිට මඩකලපුව සහ කල්මුණේ අතර මුහුදු ප්‍රදේශයේ ගොඩබිමට නාවික සැතපුම් 47 ක් දුරින් පවතිනවා.
මේ අතර එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ ඉදිරි කටයුතු සදහා අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීම සදහා නෞකාවේ මෙහෙයුම් සම්බන්ධව කටයුතු කල මෙරට සියලු පාර්ශව අද දිනයේදී නීතිපතිවරයා හමුවනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව , ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන කිහිපයක් ඊට සහභාගී වනවා.
අනතුරට ලක් වූ නෞකාවේ මෙහෙයුම් සඳහා දායක වන සියලූ පාර්ශව එක්ව සාකච්ඡා කරන පළමු අවස්ථාව මෙයයි.
680 Views
Comments