චම්පික අද රනිල්ගෙම කාබන් කොපියක් - රතන හිමි

පසුගිය දශක කිහිපය තුළම ජාතිකත්වය, දේශීයත්වය, පරිසරය වැනි කරුණු සම්බන්ධයෙන් ධනාත්මකව කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා අද වනවිට පරිසර විනාශයට වගකිව යුතු පුද්ගලයෙකු බවට පත්ව ඇති බව අතුරලියේ රතන හිමි පවසනවා. පරිසරය විනාශ කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදිකිරීම සංවර්ධනය ලෙස අද ඔහු විශ්වාස කරන බවයි රතන හිමි පෙන්වා දෙන්නේ.
දශක දෙකකට අධික කාලයක් එකම කඳවුරක සිටි රතන හිමි සහ චම්පික රණවක මහතා මේ වනවිට කඳවුරු දෙකක් නියෝජනය කරමින් සිටී.
චම්පික රණවක මහතා අද වනවිට නව ලිබරල්වාදයට සහ නව ලිබරල් ආර්ථිකයට තදින්ම ඇබ්බැහි වී ඇති බව පෙන්වා දෙන රතන හිමි පවසන්නේ ඔහු අද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාබන් කොපියක් බවට පත්ව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවයි අතුරලියේ රතන හිමි අවධාරණය කරන්නේ.
1135 Views
Comments