මාසයක නොව දිනක වැටුප ඉල්ලුවා නම් සාධාරණයි – දයාසිරි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
10

මාසයක නොව දිනක වැටුප ඉල්ලුවා නම් සාධාරණයි – දයාසිරි

මාසයක නොව දිනක වැටුප ඉල්ලුවා නම් සාධාරණයි – දයාසිරි

රාජ්‍ය සේවකයින්ගෙන් මසක වැටුප නොව දිනක වැටුප ඉල්ලා සිටියේ නම් එය වඩාත් සාධාරණ සහ ප්‍රායෝගික බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා  පවසයි.

 

රටේ පවතින තත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සිය මසක වැටුප ලබා දීම ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මැද අසීරු කටයුත්තක් බවද ජයසේකර මහතා පෙන්වා දෙයි.

 

සාමාන්‍යයෙන් මිට පෙරද ජාතික ව්‍යවසනයකදී සහ උවදුරකදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල දෛනික වැටුප පරිත්‍යාග කිරීම කාලයක පටන් සිදු වූවකි.

 

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ගෙන් කර තිබෙන මෙම ඉල්ලීම සමාජයේ දැඩි කතාබහට ලක් වී තිබේ. යම් ජාතික ව්‍යවසනයකදී රාජ්‍ය සේවකයන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වේ.

views

677 Views

Comments

arrow-up