භූමදානයට අවසර ඉල්ලා බදියුදින්ගෙන් ජනපතිට ලිපියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
09

භූමදානයට අවසර ඉල්ලා බදියුදින්ගෙන් ජනපතිට ලිපියක්

භූමදානයට අවසර ඉල්ලා බදියුදින්ගෙන් ජනපතිට ලිපියක්

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද  ලිපියක් යොමු කර ඇත.

 

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් නිසාවෙන්  මිය යන ශ්‍රී  ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් එය දැඩි ඛේදවාචකයක් බවත්ය.

 

එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටියි.

 

 

 

views

863 Views

Comments

arrow-up