තම ආරක්ෂාව තමන්ම සලසා ගන්න - අනවශ්‍ය ගමන් බිමන් එපා - සෞඛ්‍ය ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
10

තම ආරක්ෂාව තමන්ම සලසා ගන්න - අනවශ්‍ය ගමන් බිමන් එපා - සෞඛ්‍ය ඇමති

තම ආරක්ෂාව තමන්ම සලසා ගන්න -  අනවශ්‍ය ගමන් බිමන් එපා - සෞඛ්‍ය ඇමති

රටේ ආර්ථිකය යලි පණ ගැන්වීමට රාජ්‍ය සහ පුද්ගලික අංශය විවෘත කිරීම හෙට සිට අරඹන බැවින් අනවශ්‍ය කටයුතු සඳහා ජනතාවට නිවෙස් වලින් බැහැරව නගරය කරා ඒමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා.

 

 

හෙට දිනයේ රට විවෘත කිරීමෙන් රජය බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය යලි ගොඩනැගීම බවත් ඒ හේතුවෙන් ජනතාවට වගකීමක් ඇති බව ඇය ප්‍රකාශ කර සිටියා.
පසුගිය සතිය තුලදී සමාජයෙන් කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා නොවීම සැලකිල්ලට ගනිමින් රට යලි විවෘත කිරීමට රජය තීරණය කළ බවයි මෙහිදී අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

 


" විශේෂයෙන්ම සුදුවැල්ල, කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් පසුගිය සතිය තුලදී කොරෝනා ආසාධනයවූ රෝගීන් වාර්තා වීමක් සිදුවුයේ නැහැ. වැලිසර නාවික හමුදා කඳවුරේ ආසාධනයට ලක්වූ නාවික හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් තමයි රෝගීන් හැටියට වාර්තා වීම් සිදුවුයේ.

 

 

මේ හේතුවෙන් රටේ ජනතාවට වැඩි වගකීමක් තිබෙනවා වගේම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුයි. නාවික හමුදා සාමාජිකයින් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින්ව තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබෙනවා. හෙට රට විවෘත කළා කියලා ඔවුන්ට නිවෙස් වලින් බැහැරට යාමේ හැකියාවක් නොමැති බව මතක් කළ යුතුයි.

 

 

ඒ වගේම රටේ සාමාන්‍ය ජනතාව අනවශ්‍ය ලෙස නිවෙස් වලින බැහැරව නොගොස් මේ සිදුකර ගෙන යන ක්‍රියාවලියට සහය ලබාදීම ඉතාමත් වැදගත්" බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.

 

views

806 Views

Comments

arrow-up