මේ වෙන්නෙත් යහපාලනේට වෙච්ච දේම තමයි - මුරුත්තෙට්ටුවේ හිමි අනතුරු අඟවයි

බහුතර ජනතා ඡන්දයෙන් බලයට පත් වූ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අතිශය කණගාටු වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. ඇතැම් ඇමතිවරුන් සාමාන්‍ය ජනතාවට තබා තමන්ටවත් හමුවිය නොහැකි තරම් කාර්යබහුල වී ඇති බවයි ආනන්ද හිමියෝ අවධාරණය කරන්නේ.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද හිමි,
'සියලු දෙනාම නෙවෙයි සමහර ඇමතිවරු ඉන්නවා ෆෝන් එකවත් උස්සන්නෙ නෑ. මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ සැළස්මට ගැලපෙන ඒවා නෙවෙයි. ඇමතිවරු හිතන්න ඕන ආණ්ඩුව පත්කළේ ජනතාව විසින්. ඒ නිසා ඇමතිවරුන් කියන්නෙ ජනතාවගේ සේවකයො. ගොඩක් ඇමතිවරුන් හම්බවෙන්න තියා දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බෑ. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අවධාරණය කරනවා.'
'මහජන මතය කියන එක හැමදාම එක පැත්තටම තියන දෙයක් නෙවෙයි. ජනමතයට කන් දුන්නෙ නැත්තං යහපාලනේට වෙච්ච දේම තමයි ඔබටත් වෙන්නෙ කියලා අපි ඔය ඇමතිවරුන්ට කියනවා.'
758 Views
Comments