ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,175 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,175 ක්

 ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,175 ක්

ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරි හා සමාන්‍ය රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනකු යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.


 
ආරක්ෂක රාජකාරි  කටයුතු, රථවාහන රාජකාරි කටයුතු, පොලිස් නිලධාරීන්ගේ සුභ සාධන කටයුතු සොයා බැලීම්,  ප‍්‍රභූ ආරක්ෂක සේවා, හදිසි  ඇමතුම්, අධිකරණ කටයුතු, බුද්ධි   නිලධාරීන්, මැතිවරණ පැමිණි, විමර්ශන ආදී කටයුතු රැසක් වෙනුවෙන් මෙම පිරිස යොදවා  ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියා.


 
මෙම පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 8080 දෙනකු හා පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් ද යොදවා ඇති බව  රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. පොලිස් මුලස්ථානයේ  පැවති විශේෂ මාධ්‍ය හමුවකදී  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියා.


 
ජනාධිපති මැතිවරණයට අදාලව ඡන්ද පොළ මධ්‍යස්ථාන  12856 ක්   සඳහා නිලධාරීන් 25712 වශයෙන්ද, ජංගම සංචාර 3043 වෙනුවෙන් 6086 දෙනෙක් ද, ගණන්  කිරීමේ මධ්‍යස්ථාන 43 ක් වෙනුවෙන්  පොලිස් නිලධාරීන් 2193 දෙනක් ද, මර්දන කණ්ඩායම්  සඳහා   නිලධාරීන් 1233 දෙනකුද,  මාර්ග බාධක 190 වෙනුවෙන් 1687 ද වශයෙන් මෙම පිරිස යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියා.


 
මෙම විශේෂ මාර්ග බාධක  190 වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1687 දෙනකු හා සිවිල් ආරක්ෂක බලකායේ 190 දෙනකු යෙදාවා ඇති බවද සදහන් වනවා. එම විශේෂ මාර්ග බාධකයක්  වෙනුවෙන් පරීක්ෂණ ශ්‍රේණියේ  නිලධාරියකු,  පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන්  සිව්දෙනකු  හා සිවිල් ආරක්ෂක  බලකායේ දෙදෙනකු   වශයෙන්  යොදවා ඇති ඒ මහතා සඳහන් කරයි.

views

674 Views

Comments

arrow-up