දිවයිනට ඊසාන දෙසින් අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී

දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ 12.6N, 91.2E ආසන්නව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය 06 තුලදී පීඩන අවපාතයක් දකවා වර්ධනය වනු ඇත. එම මුහුදු ප්‍රදේශයේ තද වැසි/ගිගුරුම් සහිත වැසි, තද සුළං සමඟ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
කොළඹ සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.(30-40) පමණ වේ.සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට උතුර දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී.(15-30) පමණ වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2019-11-05 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 32 | 23 | 95 | 65 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මඩකලපුව | 30 | 24 | 95 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ | 31 | 23 | 95 | 60 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ගාල්ල | 28 | 23 | 95 | 75 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය | 30 | 24 | 90 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මහනුවර | 29 | 21 | 95 | 85 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
නුවරඑළිය | 20 | 11 | 95 | 75 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 31 | 23 | 95 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 30 | 23 | 95 | 75 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 31 | 24 | 95 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
633 Views
Comments