තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ 6 දෙනෙකු නාවික හමුදා දැලේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 04 වන දින කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව, වයඹ නාවික විධානය විසින් කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත. තවද, ඔවුන් සමඟ ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, නීති විරෝධී ලෙස ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1000 ක්, තහනම් දැලක් සහ ධීවර ආම්පන්න තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26 ත් 37 ත් අතරවියෙහි පසුවන අරිප්පු ප්‍රදේශයේ පදිංචි කරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල, අනෙකුත් ධීවර ආම්පන්න සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළා.
මෙවැනි නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.
638 Views
Comments