මිලියන 16 ක ජනතාවක් සිටින උතුරු ඉතාලිය වසාතැබේ - ඒ් අතර ශ්‍රී ලාංකිකයන් 60,000ක් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

මිලියන 16 ක ජනතාවක් සිටින උතුරු ඉතාලිය වසාතැබේ - ඒ් අතර ශ්‍රී ලාංකිකයන් 60,000ක් !

මිලියන 16 ක ජනතාවක් සිටින උතුරු ඉතාලිය වසාතැබේ - ඒ් අතර ශ්‍රී ලාංකිකයන් 60,000ක් !

අවම වශයෙන් මිලියන 16 ක ජනතාවක් සිටින උතුරු ඉතාලිය වසා තැබීමට ඉතාලි බලධාරීන් සූදානම් වෙයි.මේ නිසා ඒහි සිටින ශ්‍රී ලාංකිකයන් 60,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වනු ඇතැයි අප වාර්තා කරුවන් සදහන් කරයි.

 
ලොම්බාර්ඩි කලාපයේ සහ රටේ උතුරු හා නැගෙනහිර පළාත් 11 ක අවම වශයෙන් මිලියන 16 ක ජනතාවකට පිටවීම තහනම් කිරීමට ඉතාලිය සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

 

අනිවාර්ය නිරෝධායන කටයුතු අප්‍රේල් මුල දක්වා පවතිනු ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

 

නව මාරාන්තික වෙෙරසය උත්සන්න වීම හේතුවෙන් ජිම්, තටාක, කෞතුකාගාර සහ ස්කී රිසෝර්ට් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

 

ශ්‍රී ලාංකිකයන් 104,000 කට වැඩි පිරිසක් ඉතාලියේ වෙසෙන අතර ඉන් සියයට 60 ක් පමණ ලොම්බාර්ඩි කලාපයේ ජීවත් වනවා.

 

ඉතාලියේ මරණ සංඛ්‍යාව 230 ක් පසු කර ඇති අතර, පැය 24 ක් තුළ මරණ 50 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

 

තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 1,200 කට වඩා වැඩි වී 5,883 ක් බවට මේවන විට පත්ව තිබෙනවා.

views

5843 Views

Comments

arrow-up