ජන්ද ලකුණ නිසා එජාපය දෙකඩ බෙදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

ජන්ද ලකුණ නිසා එජාපය දෙකඩ බෙදෙයි

ජන්ද ලකුණ නිසා එජාපය දෙකඩ බෙදෙයි

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන ජන්ද ලකුණ ගැන පිල් බිදී සිටි එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තිබේ.

 

නව සන්ධානය සඳහා “අලියා” ලකුණ යොදා ගත යුතු බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ශවය යෝජනා කළද අලියා ලකුණ තම සන්ධානයට ලබා දීමට එජාප නායකත්ව යහපත් ප්‍රතිචාර නොදැක්වු බවයි සජිත් ප්‍රේමදාසාට මිත්‍ර පිරිසක් නිවේදනය කරන්නේ.

 

ජන්ද ලකුණ තීන්දු කිරීම සඳහා 01 ඉරිදා පැවති කෘත්‍යාධිකාරී රැස්වීමේ දී ඉදිරි මහ මැතිවරණය සදහා ‘අලියා’ ලකුණ යටතේ තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත ලැබුණ බවයි එජාප නායකත්වය පවසන්නේ.

 

ඊට පරස්පර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමද නිමාවූයේ එළඹෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ ‘ලකුණ” පිළිබදව එකගතාවයකින් තොරව බවත් නව සන්ධානය සදහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරය සත්‍යයෙන් තොර වන අතර එම ප්‍රචාරයන් සියල්ල ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේය.

 

‘අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නේනම් ඊට එක හෙලා අප එකග නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරීයෙන් ලැබුණේ නැත. ඒ වෙනුවට තර්ක ඉදිරිපත් වූවා මිස එකගතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට තිබුණේ නැත. නිෂ්ඵල වාද විවාද මැද කෘත්‍යාධිකාරී රැස්වීම හමාර වූ අතර ඵලදායි නොවන කාරණා මත එල්බගෙන කල්මරමින් සිටීමෙන් සිදුවන්නේ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව කදවුරු බැදීමට කාලය අවහිර වීමය.” යැයි නිවේදනයේ සඳහන් වේ.

 

මේ අතර සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටවු සමඟි ජනබලවේගයේ සමාරම්භක උත්සවය අද දිනයේදී නෙළුම් පොකුණ රගහලේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

ඉදිරි මහ මැතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් සහ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටවු සමඟි ජනබලවේගය වෙන වෙනම තරඟ කරනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ.

views

697 Views

Comments

arrow-up