වැඩ කරන විරුවා මහා භාණ්ඩාගාරය හිස් කළා – චම්පික
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

වැඩ කරන විරුවා මහා භාණ්ඩාගාරය හිස් කළා – චම්පික

වැඩ කරන විරුවා මහා භාණ්ඩාගාරය හිස් කළා – චම්පික

ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට ප්‍රකාශ කළ බොරු, ඔවුන් ආණ්ඩු කළ කාලය තුල හෙළිදරව් වුණු බවත් වැඩ කරන විරුවා මහා ධනකුවේරයින්ට බදු සහන දී සාමාන්‍ය ජනතාවගේ සහන කප්පාදු කළ බවත් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 

“දැන් ආණ්ඩුව බාරදීමේ හොඳ පේනවා නේද ? වැඩ කරන විරුවාට වැඩ පුළුවන්ද බැරිද, මහින්ද රාජපක්ෂ මහත්තයාට මෙහෙම කරනකොට මෙහෙම කරනකොට ජීවන වියදම පාලනය කරන්න පුළුවන්ද බැරිද කියන එක අද ඔප්පු වෙලා තියෙනවා.

 

ඊට පස්සෙ ජනතාවගේ සහන කපන්න පටන් ගත්තා. මුලින්ම අර අහිංසක විශ්‍රාමිකයින් 650,000කගේ පඩියට ගැහුවා. ඊළඟට දාහත් ලක්ෂයක් රජයේ සේවකයින්ගෙ අතිකාල දීමනාවට ගැහුවා. ඒවගේම රජයේ පාසල්වල ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට අපේ ආණ්ඩුවෙන් යෝජනා කරලා තිබිච්ච රුපියල් 3000 – 15000 වැටුප් වර්ධකය නැවැත්තුවා. අද ඒ විදුහල්පතිවරු ගුරුවරු ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැලා තියෙන්නෙ ඒකයි.

 

ඊළඟට මොකද කළේ ? ඊළඟට අර විධායක ශ්‍රේණි, මේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඇතුළු විධායක ශ්‍රේණි සියලුම දෙනාට අපි 15000ක් දුන්නා, ඒ 15,000 කැපුවා. මෙන්න මේ විදිහට අපේ ජනතාවගේ පඩිපතට අපේ ජනතාවගේ ආදායමට ගහලා කැසිනෝකාරයින්ව රැකපු ආණ්ඩුවක් විදියට තමයි ආර්ථික ගෙනිච්චේ වැඩ කරන විරුවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

views

791 Views

Comments

arrow-up