මගේ ළඟ තව හඬපට තියෙනවා. ලොකු ලොක්කන්ගේ ඒවත් තියෙනවා - රංජන්

නීතිමය හේතූන් මත තමන්ගේ හැම දුරකථන ඇමතුමක්ම තමන් පටිගත කළ බවත් තමන් ළඟ තවත් හඬපට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. එසේ නොමැති යැයි කිසිවකු කියන්නේ නම් තමන්ට ඒවා එළියට දැමීමට ද හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
"මම කතා කරපු හැම කෝල් එකක්ම - මම නඩු නිමිත්තක් තියෙන හින්දා මම පිළිගන්නෙ නෑ ඒ මගේ හඬවත් කියලා - මම කියන්නෙ සමහර ඒවා එඩිට් කරලා තියෙනවා. සමහර ඒවා සංස්කරණය කරලා, සමහර ඒවා අලුත් කෑලි ඔබලා, එයාලට අවශ්‍ය ඒවා නවත්තලා.
මා ළඟ තව තියෙනවා ! රංගේ වගේම මාව ගන්න අල්ලස් දෙන්න කතා කරපු ඒවා තව තියෙනවා." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එසේම "මම මල්ලි සබරගමුවෙ මහ ඇමති ඉල්ලන කාලේ කතා කරපු අය හිටියා ගොඩක් සල්ලි දෙන්න. ඒ පැත්තට එන්න කියලා. සබරගමුවෙ හිටපු මහ ඇමති කෙනෙකුත් කතා කරපු රෙකෝඩිං තියෙනවා මල්ලි. ලංකාවෙ ජන නායකයො ඒ පැත්තට එන්න කියලා කතා කරපු රෙකෝඩිං තියෙනවා.
නමුත් දැන් මම මෙතන ඕක කිව්වාම ඕගොල්ලො කියයි මං බයිලා කියනවා කියලා. ඒක නාහන්න තමයි මල්ලි මම ඒවා තියාගෙන හිටියෙ. ඕගොල්ලො මට කිව්වොත් මං කියන්නෙ බයිලා කියලා මෙන්න කියලා දාන්න පුළුවන් එව්වා" යනුවෙන් ද ඒ මහතා ප්‍රකාශ කළේය.
රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි
726 Views
Comments