අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය උත්සවාකාරයෙන් මේ වන විට පැවැත්වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි සිව්වැනි සැසිවාරය ආරම්භ වන්නේ.
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙහිදී සිදු වනවා.
පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම වෙනුවෙන් සම්මාන වෙඩිමුර 21 ක් ඇතුළු උත්තමාචාර පිරිනැමීමට සූදානම් කර තිබුණු අතර එම කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අත්හිටුවා තිබෙනවා. උත්සවය චාම් එහෙත් අභිමානවත්ව පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.
හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන්, රාජතාන්ත්‍රිකයින් ඇතුළු 600 කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් මේ සදහා සහභාගී වන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවා.
🔴LIVE: 08 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ▸Fourth session of the 8th Parliament ▸8 வது பாராளுமன்றத்தின் 4 வது கூட்டத் தொடர்
Posted by Ada Derana Sinhala on Thursday, January 2, 2020
808 Views
Comments