විපක්ෂ නායක අසුන සජිත්ට දී රනිල් පසුපසට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
03

විපක්ෂ නායක අසුන සජිත්ට දී රනිල් පසුපසට

විපක්ෂ නායක අසුන සජිත්ට දී රනිල් පසුපසට

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ අසුනක් වෙන් කිරීම සිදුවනවා. ඒ, කතානායකවරයාගේ අසුන ඇති ස්ථානයේයි. 

 


නව පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ආසන පැනවීමේ වෙනසක් සිදුවනවා. ඒ අනුව ජනාධිපතිවරයා වෙත ආණ්ඩු පක්ෂයේ 08 වන අසුන වෙන් කර තැබෙනු ඇති. අග‍්‍රාමාත්‍යවරයාට 07 වන අසුන වෙන් වනවා.

 

 
සභානායකවරයා ලෙස පත් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට හිමිවන්නේ 06 වන අසුනයි. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හට 05 වන අසුන වෙන් කෙරෙනවා.  

 


විපක්ෂයේ ආසන පැනවීමේදී එහි 08 වන අසුන සජිත් ප්‍රේමදාස මන්තී‍්‍රවරයා වෙනුවෙන් වෙන් කර තැබෙනු ඇති. එය විපක්ෂ නායකවරයාට හිමි අසුනයි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස අද දිනයේ දී විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නම් කිරීමටයිි නියමිතව ඇත්තේ.  

 


සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨත්වය මත 07 වන අසුන එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට වෙන් කර තැබීමට නියමිතව තිබුණා. එහෙත්, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ඔහු වෙනුවෙන් 09 වන ආසනය වෙන් කර තබන බවයි පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත පැවසුවේ. 

 


සෙසු ආසන පක්ෂ නායකයින්ගේ අනුපිළිවෙළින් වෙන් කර තැබෙනු ඇති. 
පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම වෙනුවෙන් විපක්ෂයේ අසුනක් ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සේනානායක වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ අසුන්ද අද දිනයේ වෙන් කිරීමට නියමිතයි. 

 


කෙසේවෙතත් ආසන පැනවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන්ට මීට පෙර පනවා තිබූ ආසන වෙනසක් සිදුවන්නේ නැහැ. 

 

views

785 Views

Comments

arrow-up