වර්ජන හමාරයි-දුම්රිය රියැදුරු බලපත්‍ර ලබාගැනීමට ඔබටත් ලඟදීම අවස්ථාව

සෑම වාහනයක් පැදවීමටම රියදුරු පාසලක් ඇතත් දුම්රිය පැදවීමට පුහුණු වීම සඳහා රියදුරු පාසලක් ස්ථාපනය වී නොතිබීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා - ජර්මානු තාක්ෂණික අභ්‍යාස ආයනය යටතේ රියදුරු පුහුණුව ලබා ගැනීම සඳහා පාසලක් ස්ථාපනය කිරීමට ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.
ශ්‍රී ලංකා - ජර්මානු තාක්ෂණික අභ්‍යාස ආයතනයට ඇතුළුවීමට සුදුසුකම් ඇති සිසුන්ට රියදුරු පුහුණුව ලබා බලපත්‍ර ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇති.
මේ අතර ඔන් ලයින් දුම්රිය ප්‍රවේශපත්‍ර ක්‍රමවේදයේ අක්‍රමිකතා ඉවත්කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන බවද රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පැවසුවා.
රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ නිරීක්ෂණයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. දුම්රිය මැදිරි අලුත්වැඩියාව ඇතුළු එම කාර්යාලයේ සිදුවන කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.
දුම්රිය සේවාව කාර්යක්ෂම සේවාවක් කිරීම සදහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි සී බී රත්නායක මහතා මෙහිදී සදහන් කළේ.
3657 Views
Comments