රස පරීක්ෂක මගින් රන්ජන්ගේ හඬ සහිත CD අනුපිටපත් හා දත්ත වාර්තා කැඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
10

රස පරීක්ෂක මගින් රන්ජන්ගේ හඬ සහිත CD අනුපිටපත් හා දත්ත වාර්තා කැඳවයි

රස පරීක්ෂක මගින් රන්ජන්ගේ හඬ සහිත CD අනුපිටපත් හා දත්ත වාර්තා කැඳවයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා සතුව තිබියදී බස්නාහිර දකුණ විශේෂ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 5 වැනිදා අත්අඩංගුවට ගත් විවිධ පුද්ගලයන් සමග සිදු කළ දුරකථන සංවාද අඩංගු හඬ සහිත CD තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට අනුපිටපත් හා දත්ත පරීක්ෂණ වාර්තා කැඳවන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා නියෝග කර තිබෙනවා.

 

 
 ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළා.

 

 
රන්ජන් රාමනායක මහතා විසින් විවිධ පුද්ගලයන් සමග කරන ලදැයි කියන දුරකථන සංවාද ඇතුළත් හඬපට මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා හා විවිධ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන බැවින් එකී හඬපටවල අඩංගු සංවාද කුමක්දැයි නිශ්චිතව අධිකරණයට වාර්තා කිරීම සඳහා එකී CD තැටිවල අනුපිටපත් මෙන්ම එකී පටිගත කිරීම සඳහා උපයෝගී කරගත් පරිගණක හා දෘඪකාංග (Hard Disc) සම්බන්ධයෙන් උක්ත වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පෙන්වා දුන්නා.

 

දිවයින_පුවත්පතින්..

views

635 Views

Comments

arrow-up