රන්ජන්ගේ හඬපට හෙළිදරව්වට විරෝධතා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
10

රන්ජන්ගේ හඬපට හෙළිදරව්වට විරෝධතා

රන්ජන්ගේ හඬපට හෙළිදරව්වට විරෝධතා

හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු රාජ්‍යය අමාත්‍යය රංජන් රාමනායක මහතුන් විසින් රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍යය අමාත්‍යයවරයාගේ ආධාරකරුවන් පිරිසක් නාවලපිටිය නගරයේ කළු කොඩි ඔසවා උද්ඝෝෂන ව්‍යාපාරයක් පැවත්වා තිබෙනවා.

 

නාවලපිටිය කුරුදුවත්ත නගරයේද කළු කොඩි ඔසවා තිබු අතර , ඝාතන කුමන්ත්‍රණයට විරෝධයට පාමින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය නගර සභාව නියොජනය කරන නාගරික මන්ත්‍රිවරුන් 6 දෙනෙකු (විපක්ෂයේ ) මාසික සභා රැස්විමට කළු පටි අතේ පැලද මාසික සභා රැස්විමට සහභාගි වෙමින් සිය විරෝධය පැමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

නාවලපිටිය නගරයේ ත්‍රිරෝද රථ ගාල් වලද කළු කොඩි ඔසවා තිබු අතර , නාවලපිටිය නගරයේ උද්ඝෝෂනයේ නියැලි සිටි මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් කියා සිටියේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ සියළු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවයි.

 

එසේ නිතිය ක්‍රියාත්මක නොකල හොත් ඝාතක කුමන්ත්‍රණය පාදක කර ගනිමින්  ඉදිරියේදි මිට වඩා දැවැන්ත උද්ඝෝෂන ව්‍යාපාර සිදු කරන බව උද්ඝෝෂනයේ නියැලි සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් අවධාරණය කර සිටියා.

views

1162 Views

Comments

arrow-up